ඔන්න යාලුවනේ අද ගෙනාවේ සුපිරිම චිත්‍රපටියක් ඒ මොකක්ද කියල කියන්න ඕනේ නැනේ ඉතින් ,ඔය පෙන්නම තියෙනේ නේද?මම නම් මේ චිත්‍රපටිය බැලුවේ අපි කව්රුත් දන්න මැජෙස්ටික්සිට් 3D සිනමා ශාලාවේ.මොකද මේ චිත්‍රපටිය තමා ඒ ශාලාවට ආව පළවෙනිම 3D සිනමා පටය.ඉතින් අපිත් ගියා හා හා පුරා කියල ඒ අත්දැකීම විදගන්න.එවෙලේ දැනුන සතුට කොහොමද කියනවනම් කියල නිම කරනත් බැ මොකද මන් පලවෙනි වතාවට 3D ග්ලාස් එකක් දාල සිනමා ශාලාවක නරබපු පලවෙනි සිනමා අත්දැකීමනිසා.ඔයාල නම් ඉතින් කොහොමද දන්නේ නැ මන් කිව්වේ මන් ගැන.අපි ඉතින් මොකේ කියල 3D ග්ලාස් දාල බලන්නද යාලුවේ. හරි එහෙනම් අපි කතාවට බහිමුකො.මේක අපිට ලියල එව්වේනම් දුලා සහෝදරි.අපි එයාට ගොඩක් ස්තුතී වන්ත වෙනවා අපි වෙනුවන් කරන කැප කිරීමට.එහෙනම් අපි චිත්‍රපටිය ගැන බලමුකෝ.මෙය ප්‍රංශයේ විසු රජුගේ තුවක්කු අතින්ගත් සෙබළුන් තිදෙනෙක් වටා ගෙතුනකි. ඔවුන් නමින් ආතොස්, පෝතෝස්, ආර්මිස් වේ. මොවුන් තිදෙනා විසින් ආතෝස්ගේ පෙම්වතිය වන මිලේඩ් ඩි වින්ටර් ගේ උදවු ඇතිව ලියනාඩෝ ඩාවින්චි විසින් අදින ලද ගුවන් නැවක සැලස්මක පිටපත සොරකම් කරනු ලබනවා. නමුත් ද්‍රෝහී ලෙස මිලේඩ් විසින් ඔවුන්ව පවා දෙනවා. ඉන්පසු මොවුන්ගේ අසාර්ථක වීම නිසා ප්‍රංශයේ රජු මොවුන්ව විසුරුවා හරිනවා.වසරකට පසුව තම පියා සේම තුවක්කු අතින්ගත් බටයෙකු වීමට බලාපොරොත්තු වන ඩ් ආර්ට්ගනන් නම් තරුණයෙකු ගැස්කනි අතහැර යනවා. මේම තරුණයාට අතෝස්, පෝතෝස්, ආර්මිස් හමුවෙනවා. ඔවුන්ගේ එකතුවෙන් සිදුවෙන සිද්දි දාමයක් ඔස්සේ ද ත්‍රී මොස්කිට්ර්ස් කතාව දිග හැරෙනවා. ලෝගන් ලේර්මන්, මැතිව් මැක්ෆඩයින්, රේයි ස්ටිෆෙන්සන්, ලුක් ඉවෙන්ස්, මිලා ජෝවෝවිච්,ක්රිස්ටෝප්ස් වලට්ස්, ඔර්ලන්ඩෝ බූම්, මෙඩ්ස් මික්කල්සන්, ගෙබ්රිල්ලා විල්ඩ්, ජේම්ස් ගෝර්ඩ්න්, ජුනෝ ටෙම්ප්ල්, ෆ්රෙඩ්ඩි ෆොක්ස් ඇතුළු නළු නිලියන් රගන ද ත්‍රී මොස්කිට්ර්ස් බලමු.
නිකුත් වූ දිනය : ඔක්තෝබර් 21, 2011
මුළු අදායම : ඩොලර් මිලියන 132
මුළු අදායම : ඩොලර් මිලියන 132
වර්ගීකරණය :PG-13
සිනමා ප්‍රභේදය: ආශ්වාදජනක, ත්‍රාසජනක, විද්‍යා ප්‍රබන්ධ
Screen caps


10:44 AM
slaudiolk



Posted in:
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....