Monday, October 22, 2012

Sunday, October 21, 2012

මේරේ ඩොස්ට් පික්චර් අභි බකි හයි (Mere Dost Picture Abhi Baki Hai - 2012)

කතාව:

සුනිල් ෂෙට්ටි, රාජ්පාල් යාදෙව්, ඔම් පුරි සහ උදිතා ගෝස්වාමි ඇතුළු නළු නිලියන් පිරිසක් තමයි මෙහි ප්‍රධාන චරිත රගපාන්නේ. සුනිල් ෂෙට්ටි චිත්‍රපටියේ හැටියට නම් අමාර් ජෝෂි බනරස් වල චිත්‍රපට අලෙවි සැලක් පවත්වාගෙන යන කෙනෙක්. ඔහුට ගේ චිත්‍රපට ගැන තියන උනන්දුව නිසාම පියාගේ විරුද්ධත්වය මද එය විකුණා දමන්න තීරණය කරන්නේ චිත්‍රපට ගැන වැඩිදුර අධ්‍යාපනය සහ ලන්ඩන් බලා යන්න. ඉතින් ඔහුගේ පුහුණුව සහ අධ්‍යාපනය නිම කිරීමෙන් පසුව නැවත මව් රට බලා එන්නේ ඔහුගේ සිහිනය වන චිත්‍රපටයක් කිරීමේ බලාපොරොත්තුවෙන්. නමුත් ඔහු අපේක්ෂා කල ආකාරයට නම් කිසි දෙයක් සිදුවෙන්නේ නෑ. ඉතින් ඔහු තමන්ගේ සිහිනය ඇත්ත කරගන්න දරන උත්සාහය තමයි කතාවේ තියෙන්නේ. ඇත්තටම ලස්සන බොලිවුඩ් වල ඇතුළු පැත්ත ගැන කියන චිත්‍රපටයක් විදියට මෙය හදුන්වන්න පුළුවන්.

නිකුත් වීමට නියමිත දිනය : ජූලි 20, 2012

මුළු අදායම : _

වර්ගීකරණය : _


සිනමා ප්‍රභේදය: හාස්‍යජනක, හින්දි




Screen caps
 


 

IMDB | CRITICS | SOURCE
ඉංග්‍රීසි උපසිරසි අන්තර්ගතයි

Saturday, October 20, 2012

රෙසිඩන්ට් ඊවීල්: ඩැම්නේෂන් (Resident Evil: Damnation - 2012)

කතාව: 

මේක ගොඩක් අය අතර ජනප්‍රිය ඇලිස් ගේ රෙසිඩන්ට් ඊවීල් චිත්‍රපට මාලවේ අළුත් ඒක නම් නෙවේ. මෙය රෙසිඩන්ට් ඊවීල් ජපන් සජීවිකරණ චිත්‍රපට මාලවේ අළුත් එක. ඇත්තටම මේ චිත්‍රපට අතර ලොකු වෙනසක් නෑ. ඒ හින්ද ත්‍රාසජනක චිත්‍රපට වලට කැමති කට්ටිය මේක බලන්න කැමති වේවි. ජපන් සජීවිකරණ චිත්‍රපටයක් නිසා ගොඩක් උසස් මට්ටමේ සජීවිකරණ චිත්‍රපටියක් ලෙස හදුන්වන්න පුළුවන්. ඇමෙරිකානු විශේෂ නියෝජිතයෙක් වන ලියොන් එස්.කෙනඩි යුරෝපයට යන්නේ එහි සිවිල් යුද්ධයක් නිරීක්ෂණය කරන්න. ඒ ජීව විද්‍යාත්මක අවි යුද්ධයේදී යොදා ගන්නා බවට ලැබුණු තොරතුරු නිසා. නමුත් එහි යන ඔහුට නැවත ඇමෙරිකාව බලා පැමිණෙන ලෙස රජය නියෝග කරනවා. නමුත් ඔහුට උවමනා වෙනවා මෙහි සත්‍ය සොයා බලන්න. ඉතින් නියෝග වලට පිටුපා යන ඔහුට යද්ධය මධ්‍යයේ මුහුණ දෙන්න වෙන්නේ ඉතා බිහිසුණු සිදුවීම් වලට. මෙය සජීවිකරණ චිත්‍රපටියක් වුනාට කුඩා ළමයින්ට නම් ඒ තරම් සුදුසු නෑ.

  
නිකුත් වීමට නියමිත දිනය : ඔක්තෝම්බර් 27, 2012

මුළු අදායම : _

වර්ගීකරණය : R

සිනමා ප්‍රභේදය: ත්‍රාසජනක, ක්‍රියාදාම, සජීවීකරණ





Screen caps





ද කැම්පෙයින් (The Campaign - 2012)

කතාව: 

සාමාන්‍යයෙන් දේශපාලනය පසුබිම් කරගෙන හැදෙන චිත්‍රපට එතරම් ජනප්‍රිය වෙන්නේ නෑ. නමුත් මේ චිත්‍රපටය ගොඩක් හොදින් තිරගත වුනු චිත්‍රපටියක්. ඇත්තටම මෙතෙක් දෙවෙනියට වැඩිම ආදායමක් උපයපු දේශපාලන චිත්‍රපට මෙයයි. උතුරු කැරොලිනා දිස්ත්‍රික්කයේ මුල් පුටුවට සටන් වදින අපේක්ෂකයෝ දෙන්නෙක් ගැනයි කතාව. එක්කෙනෙක් හතරවතාවක් බලයට පත් වුන කෙනෙක්. අනිත් කෙනා ප්‍රබල ව්‍යාපාරිකයන් දෙදෙනෙකුගේ සහය ඇතිව ඔහුව පරාද කරන්න තමයි උත්සාහය. මෙය සාම්ප්‍රදායික විල් ෆෙරල් චිත්‍රපට වලට වඩා වෙනස් උනාට හාස්‍යයෙන් නම් අඩුවක් නෑ.


නිකුත් වූ දිනය : අගෝස්තු 10, 2012

මුළු අදායම : ඩොලර් මිලියන 93

වර්ගීකරණය : R

සිනමා ප්‍රභේදය: හාස්‍යජනක, වැඩිහිටියන්ට





Screen caps





Friday, October 19, 2012

ඇරෝ 1.2 කොටස (Arrow S01-E02 - TV) [සිංහල උපසිරැසි සහිතව]

කතාව : 

මේ සතියේ විකාශය වීම ආරම්භ වුන අළුත්ම රුපවාහිනි කතා මාලාවක් ගැන තමයි මේ කියන්න යන්නේ. ජනප්‍රිය රුපවාහිනි කතා මාලාවක් වුන ස්මොල්විල් කතාව ඔයාලට මතක ඇති. ඒඑයින් බිහි වුන තවත් සුපර් මෑන් වගේම සුපරි වීරයෙක් තමයි ඇරෝ කියන්නේ. එහි එන ග්‍රීන් ඇරෝ නැත්නම් ඔලිවර් ක්වින් චරිතය තමයි ඇරෝ හරහා දිග හැරෙන්නේ. හැබැයි කලින් චරිතය පන පොවපු කෙනා නම් නෙමෙයි මෙහි ඒ චරිතය රගපාන්නේ. කොහොම නමුත් කතාවේ හැටියට ඔලිවර් ධනවත් ව්‍යාපාරිකයෙකුගේ පුතෙක්. මුහුදේ සිදුවන හදිසි අනතුරක් හේතුවෙන් ඔහු දුපතක අතරමන් වෙනවා. ඔහුගේ පවුල් උදවිය හිතන්නේ ඔහු ඇතුළු ඔහුගේ පියා මිය ගොස් ඇති බවට. නමුත් අවුරුදු 5 කට පසු ඔලිවර් ගෙදර එන්න තරම් වාසනා වන්ත වෙනවා. නමුත් නැවත එන ඔලිවර් අර සෙල්ලකාර, ව්ගකිම්රහිත පුතා නම් නෙවෙයි. ඉතින් ඔලිවර් ග්‍රීන් ඇරෝ බවට පත් වෙන කතාව තමයි මේ. හැම සතියෙම පුළුවන් තරම් ඉක්මනට සිංහල උපසිරසි දෙන්න තමා බලාපොරොත්තුවෙන්නේ. පුළුවන් උපරිම උත්සාහය යොදන්නම්.  
 
ආරම්භය : ඔක්තෝම්බර් 10, 2012

වර්ගීකරණය : TV-14

ප්‍රභේදය: ක්‍රියාදාම, ආශ්වාදජනක



Thursday, October 18, 2012

ද අමේසින්ග් ස්පයිඩර් මෑන් (The Amazing Spider Man - 2012)

කතාව:

ස්පයිඩර් මෑන් ගැන නොදන්නා යාලුවෙක් නෑනේ. කලින් තිරගතවුණු සප්යිඩර් මෑන් චිත්‍රපට මාලාව අවසන් උනානේ. ඉන්පසුව මේ චිත්‍රපටය හැදෙන්නේ එහි ප්‍රති නිර්මාණයක් විදියට. ඒ නිසා ඉතින් කතාවේ ඒ තරම් ලොකු වෙනස් කමක් නෑ. හැබැයි වෙනසක් නැත්තෙමත් නෑ. මේ නව චිත්‍රපට මාලවේ සප්යිඩර් මෑන් ගේ චරිතයට පන පොවන්නේ ඇන්ඩ්රු ගාෆිලඩ් විසින්. කලින් කතාවේ මුල වගේම සප්යිඩර් මෑන් ගේ ආරම්භය තමයි කතාවේ තියෙන්නේ. වැඩිදියුණු කල ජාන මගින් නිපදවූ මකුනෙක් ගේ සපා කමක් නිසා නේ සප්යිඩර් මෑන් බිහිවෙන්නේ. නමුත් අළුත් කතාවේ ප්‍රධාන වෙනස වෙන්නේ පීටර් පාකර් ගේ පියා කතාවට සම්බන්ධ වෙන අකාරය. එහෙනම් ඉතින් කට්ටිය බලන්නකෝ.

නිකුත් වූ දිනය : ජුලි 3, 2012

මුළු අදායම : ඩොලර් මිලියන 752 

වර්ගීකරණය : PG-13

සිනමා ප්‍රභේදය: ක්‍රියාදාම, ආශ්වාදජනක



Screen caps



Wednesday, October 17, 2012

මැකසිමම් කන්වික්ෂන් (Maximum Conviction - 2012)

කතාව:

මේ චිත්‍රපටියත් තාම සිනමා ශාලාවල තිරගත්විම ආරම්භ කරලා නෑ. හැබැයි ඉතින් ඊට කලින් ඔයාලට බලන්න පුළුවන්. ජනප්‍රිය ක්‍රියාදාම නළුවන් දෙදෙනෙකු වන ස්ටීව් ඔස්ටින් සහ ස්ටීවන් සිගල් තමයි මේ ප්‍රධාන චරිත රගපාන්නේ. ඔවුන් දෙදෙනා විශේෂ පුහුණුවක් ලද විශේෂ මෙහෙයුම් වල යෙදෙන නිලධාරින් දෙදෙනෙක්. සිරකදවුරකට රැගෙන එන කාන්තා සිරකරුවන් දෙදෙනකුට ආරක්ෂාව සැපයීම මොවුන්ට භාර වෙනවා. මොවුන්ව ඝාතනය කිරීම සදහා විශේෂ අපි කණ්ඩායමක් සිර කදවුර ආක්‍රමණය කරනවා. දැන් ඔවුන්ගේ කාර්යභාරය මේ සිරකාරියන් දෙදෙනා මොවුන්ගෙන් ආරක්ෂා කිරීම. ඇත්තටම මේ කාන්තාවන් දෙදෙනා කව්ද. ටොම් සහ මැනින්ග් ට මෙය කල හැකි වෙයිද?

නිකුත් වීමට නියමිත දිනය : නොවැම්බර් 6, 2012 

මුළු අදායම : _ 

වර්ගීකරණය : R

සිනමා ප්‍රභේදය: ක්‍රියාදාම, ආශ්වාදජනක




Screen caps





රෝන්ග් ටර්න් (Wrong Turn 5 - 2012)

කතාව:

රෝන්ග් ටර්න් චිත්‍රපට මාලාව ගැන මම අළුතෙන් කියන්න ඕන නෑනේ. මෙය එහි පස්වන චිත්‍රපයට. ඔක්තෝම්බර් 23 තමයි මෙහි නිකුත් වීමට නියමිත දිනය ලෙස  සදහන් වෙන්නේ. එත් ඔන්න කලින් ම හොද කොපියක් ඇවිල්ලා. කියන්න කියලා තරම් කතාවක් නම් නෑ. හැලොවින් උතසව සමයේ වර්ජිනියා ප්‍රාන්තයේ කුඩා ගමක කාලාන්තරයක ඉදලා පැවැත්වෙන උත්සවයක් තමයි මෙයට පාදක වෙන්නනේ. උත්සව අසිරිය විදගන්න පැමිණෙන තරුණ පිරිසකට මෙහිදී අත්විදින්න සිදුවෙන තාසජනක සිදුවීම් මාලාවක් තමයි කතාවේ සාරාංශයක් විදියට තියෙන්නේ.


නිකුත් වීමට නියමිත දිනය : ඔක්තෝම්බර් 23, 2012 

මුළු අදායම : _

වර්ගීකරණය : R

සිනමා ප්‍රභේදය: ත්‍රාසජනක, ආශ්වාදජනක, වැඩිහිටියන්ට





Screen caps