Wednesday, February 1, 2012

ඉන්සිඩ්යස් (Insidious -2011)

කතාව:

මෙය එක්තරා පුංචි පවුලක් වටා ගෙතුන අසාමාන්‍ය සිදුවීමක්.
අලුතින් නිවසකට පදිංචියට එන මේ පුංචි පවූලට නොසිතු කරදර වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඔවුන්ගේ දෙවෙනි දරුවා හදිසියේම කෝමා තත්වයකට පත් වෙන අතර මේ සමගම නිවසේ භූත බලපෑම් ඇතිවෙමින් කරදර කරන්න පටන් ගන්නවා. මෙය නිවසේ ප්‍රශ්නයක් ලෙස සිතා තවත් නිවසකට පදිංචිය මාරු කලත් ඔවුන්ට මෙයට විසදුමක් නම් ලැබෙන්නෙ නැහැ.විසදුමක් නැති මොවුන්ට විසදුමක් දෙන්න එක්තරා කාන්තාවක් ඉදිරිපත් වෙනවා. දරුවාගේ ආත්මය ශරීරයෙන් වෙන්වී මියගිය ආත්ම අතර අතරමන් වී ඇති බවත් ආත්මයක් නැති ශරීරයට ඇතුල්වීමට උත්සහ කරමින් මියගිය භූත ආත්ම නිවස පුරා සැරිසරන බවත් ඇය සොයා ගන්නවා. ඒ වගේම ශරීරයෙන් ආත්මය වෙන් කිරීමේ හැකියාව එම දරුවාගේ පියාට ඇති බවත් එය දරුවට ජානගතව ලැබුණු හැකියාවක් බව සොයා ගන්නා ඇය දරුවාගේ ආත්මය සොයා පියාගේ ආත්මය යවනවා. මියගිය ආත්ම අතර දරුවාගේ ආත්මය සොයා ගන්න හැකි වේවිද? මියගිය ආත්මයන්ගෙන් දරුවාගේ ශරීරය ආරක්ෂා කරන්න හැකි වේවිද? ප්‍රැක්ටික්  විල්සන්, රෝස් ,ටයි සිම්ප්කින් ,ඇන්ඩ්රෙව් ඇස්ටෝර්, ලින් යන නළු නිළියන්ගෙන් හැඩ වෙන Insidious බලලම දැනගමු.ඒ වගේම අපිත් එක්ක අලුතෙන් සම්බන්ද උන දුලා සහෝදරියටත් ගොඩක් ස්තුතී වන්ත වෙනවා   මෙම ලිපිය අපට එවීම සම්බන්දෙන්.එහෙනම් යාලුවනේ තව දෙයක් කියන්න තියෙනවා.ඔයාලත් කැමතිද මේ වගේ ලිපි ලියලා  ඔයාලගේ නමින් පලකරගන්න?එහෙනම් දැම්ම කොමෙන්ටුවකුත් දාන්නකෝ  එහෙනම් මෙතන.ඔබට ජය ...

නිකුත් වූ දිනය : අප්‍රේල් 1 , 2011

මුළු අදායම : ඩොලර් මිලියන 97

වර්ගීකරණය : PG -13

සිනමා ප්‍රභේදය: ත්‍රාසජනක,හොල්මන්





Screen caps










527.52 MB BRRip කොපිය මෙතනින් බාගන්න! (Download)

IMDB CRITICS SOURCE


1 comments:

Anonymous said...

nice film thx!

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...