මේ අවුරුද්දේ තිරගතවුණු තවත් ඉතාමත් ජනප්‍රියට පත්වුණු ක්‍රියාදාම
හින්දි චිත්‍රපටියක් තමයි රොව්ඩි රාතෝර් චිත්‍රපටිය. ප්‍රබූ දේවා විසින් අධ්‍යක්ෂනය
කරන ලද මෙහි ආක්ෂේ කුමාර් සහ සොනාක්ෂි සින්හා තමයි ප්‍රධාන චරිත රගපාන්නේ. ඇත්තටම
ආක්ෂේ මෙහෙ ද්විත්ව චරිත රගපානවා. ශිවා මුම්බායි නගරයේ ජිවත් වන පොඩි පොඩි සොරකම් මැරකම්
කරගෙන ඉන්න කෙනෙක්. එහෙම කිව්වොත් තම හරි මයේ හිතේ. කොහොම හරි පාරෝ නම් ගෑනු
ළමයෙකුට මෙයාගේ හිත යනවා. මෙයාල මුලින්ම මුණ ගැහෙන්නේ මංගල උත්සවයකදී. හැබැයි ශිවා
නම් මෙහි ඇවිල්ල තියෙන්නේ අනාරාධිතව. කොහොමහරි දෙන්න යාලු වුනා කියමුකෝ. ශිවා
පොරොන්දු වෙනවා තවත් සොරකමේ නොදෙන්න. මෙයාගේ අන්තිම වැඩේ තමයි මුදල් කියල හිතාගෙන
ලොකු පෙට්ටියක් සොරකම් කරන එක. නමුත් මේ පෙට්ටිය ඇතුලේ ඔහු නොසිතුව විදියට ඉන්නේ
පොඩි ගෑනු ළමයෙක්. පුදුමයට වගේ මේ කුඩා ළමයා ශිවාව පියා ලෙස අමතනවා. මින් පසු කතාව
ගොඩක් වෙනස අතට තමා හැරෙන්නේ. කතාවේ ඉතුරු ටික දැන ගන්න ඕන කට්ටිය එහෙනම් බලන්නකෝ.
නිකුත් වූ දිනය : ජුනි 1, 2012
මුළු අදායම : ඩොලර් මිලියන 24
මුළු අදායම : ඩොලර් මිලියන 24
වර්ගීකරණය :_
සිනමා ප්‍රභේදය: ක්‍රියාදාම, හාස්‍යජනක, හින්දි
Screen caps
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....