Friday, October 12, 2012

මෙඩියාස් විට්නස් ප්‍රෝටෙක්ෂන් (Madea's Witness Protection - 2012)

කතාව: 

මෙඩියාස් විට්නස් ප්‍රෝටෙක්ෂන් කියන්නේ නවතම ටයිලර් පෙරී චිත්‍රපටිය. ටයිලර් පෙරී චිත්‍රපට අතරින් දෙවනියට වැඩිම අදායම ලබපු චිත්‍රපටිය මෙයයි. ජෝර්ජ් නිඩල්මන් වෝල් ස්ට්‍රීට් වල ප්‍රධාන පෙලේ ආයෝජන සමාගමක මුල්‍ය නිලධාරියෙක්. ඔහු ට රහසිගතව සමාගමේ කණ්ඩායමක් විසින් පොන්සි ක්‍රමය කියලා නීති විරෝධි අකාරයකින් සමාගම තුල මුදල් ආයෝජනය කරනවා. මේකත් හරියට අර පිරමිඩ ක්‍රමය වගේ. කොහොමහරි මෙය එළි වීම නිසා මෙහි වැරදි කරුවන් බවට පත්වෙන්නේ ජෝර්ජ්. ඉතින් ජෝර්ජ් ඇතුළු පවුලට ආයෝජකයන්ගෙන් වගේම සමාගමේ මෙයට වගකිව යුතු කණ්ඩායමෙන් විවිධ තර්ජන එල්ලවෙනවා. ඉතින් නඩුව අවසන් වන තුරු මොවුන්ව ආරක්ෂිත ස්ථානයක රැදවීමට තීරණය වෙනවා. ඒ අනුව තමයි මෙඩියාගේ නිවසේ ඔවුන් රැදවීමට තීරණය වෙන්නේ. කට්ටිය මෙඩියාත් එක්ක කොහොමද ඉන්නේ කියලා බලන්න චිත්‍රපටිය බලන්නම් වෙයි. 

නිකුත් වූ දිනය : ජුනි 22, 2012

මුළු අදායම : ඩොලර් මිලියන 65

වර්ගීකරණය : PG-13

සිනමා ප්‍රභේදය: හාස්‍යජනක




Screen caps




0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...