Wednesday, October 10, 2012

ඒබ්‍රහම් ලින්කන් : වැම්පයර් හන්ටර් (Abraham Lincoln : Vampire Hunter -2012)

කතාව:

වර්ෂ 2010 දී  සෙත් ග්‍රැහැම් ස්මිත් නම් කතුවරයාගේ  ඒබ්‍රහම් ලින්කන් : වැම්පයර් හන්ටර් නම් නවකතාව පදනම් කරගෙන එම නමින්ම මේ වසරේ නිපද වූ ක්‍රියාදාම චිත්‍රපටියක් තමයි ඒබ්‍රහම් ලින්කන් : වැම්පයර් හන්ටර් කියල කියන්නේ.ඇමෙරිකාවේ හිටපු ශ්‍රේෂ්ඨ ජනාදිපතිවරයකු වන ඒබ්‍රහම් ලින්කන් මහතාගේ දේශපාලන ජීවිතයට පෙර එනම් ඔහුගේ තරුණ හා ළමා කාලයේ සිදුවුණු සිදුවීම් පෙළක් තමයි මේ චිත්‍රපටියට පසුබිම් වෙන්නේ.ලින්කන් කුඩා කලදී ඔහුගේ යහළුවකු සමග සෙල්ලම් කරමින් සිටින විට ලින්කන්ගේ මව වන නැන්සිව බර්ට්ස්  නම් පුද්ගලයකු විසින් මරාදමනවා. පසු කලකදී ලින්කන් විසින් බර්ට්ස්ව මරාදැමීමට උත්සහ දරන විට බර්ට්ස් වැම්පයරයකු බව ලින්කන් දැනගන්නවා.වැම්පයරන් යනු ඉතා දරුණු අමනුෂ්‍ය කොට්ටාශයක් බවත් ඔවුන් විනාශ කිරීම පහසු නැති බවත් දැන ගන්නා ලින්කන් ඒ සඳහා මගක් සොයමින් මුළු ඇමෙරිකාවේම සිටින වැම්පයරයන් විනාශ කිරීමේ කටයුත්තට මුලපුරනවා .ඔහුගේ එම උත්සහාය ප්‍රතිපල දායකවීද? 


නිකුත් වූ දිනය : ජුනි 22, 2012

මුළු අදායම : ඩොලර් මිලියන 106

වර්ගීකරණය : R

සිනමා ප්‍රභේදය: හොල්මන්, ත්‍රාසජනක, විද්‍යා ප්‍රබන්ධ



 
Screen caps





0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...