Friday, September 21, 2012

සවුන්ඩ් ඔෆ් මයි වොයිස් (Sound of My Voice - 2012)

කතාව: 

මේක ටිකක් වෙනස් ආකාරයක් කතාවක් සහිත චිත්‍රපටියක්. මුලින්ම කියන්න ඕන මෙහි ක්‍රියාදාම, හාස්‍යජනක අවස්ථා සහිත හෝ සජීවිකරණය පාවිච්චි කරලා හදපු චිත්‍රපටියක් නෙමෙයි. ජනප්‍රිය ඝනයේ ලා සැලකිය හැකි චිත්‍රපටයකුත් නෙමෙයි. මේ චිත්‍රපටියේ වෙනසකට තියෙන්නේ කතාව. පීටර් කියන්නේ මාධ්‍යවේදියෙක්. ඔහු සහ ඔහුගේ පෙම්වතිය වන ලෝනා සමග මැගී කියන කාන්තාවගේ සත්‍ය පසුබිම මොකද්ද කියලා සොයා යන්න තීරණය කරනවා. මැගී ඉතාමත් රහස් තැනක වාසය කරන ආගමික කණ්ඩායමක නායිකාවක් ලෙස හදුන්වන්න පුළුවන්. ඇය අගේ අනුගාමිකයනට පවසන්නේ ඇය අනාගතයේ සිට පැමිණි බවටත් එබැවින් ඔවුන්ගේ අනාගතය ගැන ඇයට දන්නා බවටත්. එබැවින් මේ අනුගාමිකයන් හිතන්නේ ඔවුන්ගේ ගැලවුම්කාරිය ඇය කියලා. කෙසේ හෝ මෙහි සත්‍ය සොයා යන පිටර් සහ ලොනාට දැන ගන්න ලැබෙන දේවල් නම් හරිම අමුතු දේවල්. එහෙනම් ඉතින් කමත් කට්ටිය බලන්නකෝ, ඇත්තටම මැගී අනාගතයෙන්ද ආවේ කියල එතකොට දැනගන්න හැකිවේවි.

නිකුත් වූ දිනය : අප්‍රේල් 27, 2012

මුළු අදායම : ඩොලර් මිලියන 0.4

වර්ගීකරණය : R

සිනමා ප්‍රභේදය: අභිරහස්‌, ආශ්වාදජනක, නාට්‍යමය




Screen caps
 




0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...