Wednesday, June 6, 2012

ද සීක්රේට් වර්ල්ඩ් ඔ‍ෆ් ඇරිඅටි (The Secret World of Arrietty - 2012)

කතාව :

කාටුන් බලන්න අපි කව්රුත් කැමතියි නේ. ඉතීන් මේ කියන්න යන්නේ ඒ වගේ ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් වුනු ලස්සන කාටුන් චිත්‍රපටියක් ගැන. මේතෙක් නිපදවූ සජීවිකරණ කාටුන් චිත්‍රපටි අතරින් ලොව පුරා හතරවෙනියට වැඩිම අදායම ලබාපු චිත්‍රපටිය මේකයි. මෙය ඇත්තටම ඉංග්‍රීසි වලට හඩ කවන ලද ජපන් චිත්‍රපටියක්.  ඇරිඅටි කියන්නේ 14 හැවිරිදි කුඩා ප්‍රමාණයේ මිනිසුන් වර්ගයක ගැහැණු ළමයෙක්. මෙයාල සාමාන්‍ය ලෝකයෙන් වසන් වෙලා තමයි ඉන්නේ. මේ ගොල්ලෝ ජීවත් වෙන්නේ අනික් මිනිසුන්ගේ දේවල් පරිභෝජනයට අරගෙන. ඒ කියන්නේ එක්තරා විදියට හොර කමක් තමයි. කොහොම හරි එක් අවස්ථාවකදී ඇරිඅටි ව සාමාන්‍ය පිරිමි ළමයෙක් දකිනවා. මේ දේ නිසා මුලින්ම කලින් බියට පත්වුනත් අන්තිමට මේ දෙන්න හොද යාළුවො බවට පත්වෙනවා. ඉතීන් මේ දෙන්නගේ මිතුරු කමේ කතාව තමයි මේ චිත්‍රපටිය පුරා තියෙන්නේ.


නිකුත් වූ දිනය : පෙබරවාරි 17, 2012

මුළු අදායම : ඩොලර් මිලියන 145

වර්ගීකරණය : G

සිනමා ප්‍රභේදය: සජීවීකරණ, ළමා / පවුලේ සැමට




Screen caps




IMDB CRITICS SOURCE

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...