Friday, February 10, 2012

ටවර් හයිස්ට් (Tower Heist – 2011)

කතාව:
ඔන්න යාළුවනේ ටික කාලෙකින් කට්ටියට හොදට විනෝද වෙන්න පුළුවන් චිත්‍රපටියක් ගැන තම මේ කියන්න යන්නේ. මේක ක්‍රියාදාම සහ හාස්‍ය එකට එකතු වෙච්ච හොද සංයෝජනයක් කියල කියන්න පුළුවන්. හාස්‍යට ඉතාම ජනප්‍රිය අය වන බෙන් ස්ටිලර් සහ එඩි මර්පි තමයි මෙහි ප්‍රධාන චරිත නිරුපනය කරන්නේ. ජෝෂ් කියන්නේ නිව් යෝර්ක් වල සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක කළමනාකරුවෙක්. එහි වාසය කරන නිවැසියන්ගෙන් කෙනෙක් තමයි ආතර් ෂෝ කියන්නේ. මොහු ඉතාමත් ධනවත් පුද්ගලයෙක්. මෙහි සිටින අයගෙන් පිරිසක් මොහු ලග තමන්ගේ විශ්‍රාම මුදල් ආයෝජනය කරල තිබුන. නමුත් එෆ්.බි.අයි එක විසින් මොහු අත්අඩංගුවට ගැනීමෙන් පසුව තමයි මෙයාල දැන ගන්නේ ආතර් තමන්ගේ මුදල් වංචා කර ඇති බව. ඉතින් මේ පිරිසෙන් ජෝෂ් ඇතුළු කට්ටියක් එකතු වෙලා තමන්ගෙන් සොරකම් කරනු ලැබූ මේ මුදල් නැවත ලබා ගැනීම සදහා දියත් කරන මෙහෙයුමක් තමා මෙහි තියෙන්නේ. 

නිකුත් වූ දිනය : නොවැම්බර් 4, 2011

මුළු අදායම : ඩොලර් මිලියන 146

වර්ගීකරණය : PG-13

සිනමා ප්‍රභේදය: ක්‍රියාදාම, හාස්‍යජනක, අපරාධ




Screen caps

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...