Thursday, February 16, 2012

ඉමොර්ටල්ස් (Immortals – 2011)

කතාව:

මේ කියන්න යන්නේ තවත් හොද ක්‍රියාදාම චිත්‍රපටියක් ගැන. 300 චිත්‍රපටිය කට්ටියට මතක ඇතිනේ, මේකත් ටිකක් ඒවගේ එකක්. දෙවියන් සහ මිනිසුන් අතර ඇතිවන ගැටුමක් තම මේ චිත්‍රපටියේ තියෙන්නේ. හයිපිරියන් කියන්නේ ග්‍රීසියේ ක්‍රිට් දිවයිනේ පාලකයා ඒ කිව්වේ රජතුමා. තමන්ගේ පවුලට වැළදෙන රෝගයක් නිසා අසරණ වෙන මොහු දෙවියන්ගෙන් උදව් ඉල්ලනවා. එත් ඔහුගේ පවුලේ කටිටිය රෝගයෙන් මිය යනවා. මේ නිසා හයිපිරියන් දෙවියන් සමග උරණ වෙලා ඔවුන්ට එරෙහිව යුද්ධ ප්‍රකාෂ කරනවා. දෙවියන් සමග යුද්ධ කරන්න ලේසි නැති බව ඔය ගොල්ලන්ට තෙරෙනවනේ. එත් හයිපිරියන් මේකට වෙනමම සැලසුමක් දියත් කරනවා. ඒ සදහා අමුතුම ආකාරයේ බලවත් දුන්නක් සොයාගෙන තමා ඔහු යන්නේ.මේක කලින් දෙවියන් සහ ටයිටන් ල අතර ඇතිවුන යුද්ධයකදී පෘතුවියේදී නැතිවෙච්ච එකක්. හයිපිරියන් හදන්නේ දුන්න පාවිච්චි කරලා ටාටරස් කන්දේ සිර කරලා ඉන්න ටයිටන් ලව නිදහස් කරලා ඔවුන් මාර්ගයෙන් දෙවියන් විනාශ කරන්න.කොහොමහරි මේ පිළිබද දැන ගන්න සියුස් දෙවියෝ මොහුව පරාජය කරන්න තිසියස් කියන තරුණයාව පුහුණු කරනවා. ඉතින් මේ යුද්ධය කොහොම වෙයිද බලන්න නම් චිත්ර්පටිය බලන්නම වෙනවා.


නිකුත් වූ දිනය : නොවැම්බර් 11 , 2011

මුළු අදායම : ඩොලර් මිලියන 217

වර්ගීකරණය : R

සිනමා ප්‍රභේදය: ක්‍රියාදාම, නාට්‍යමය, වැඩිහිටියන්ට




Screen caps

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...