ඔන්න යාළුවනේ හා හා පුර කියලා මේ කියන්න යන්නේ රුපවාහිනී
නාට්‍ය මාලාවක් ගැන. සමහර කට්ටියගේ ඉල්ලීමක් තිබුනනේ පුළුවන් නම් රුපවාහිනී නාට්‍ය
මලාවනුත් (TV Series) ඉදිරිපත් කරන්න
කියලා. මේ කතාව අලුතෙන් පටන් ගත්ත කතාවක්. මේකේ පළමුවන Season
එක මේ ලගදි
තමයි ඉවර උනේ. සාමාන්‍යයෙන් රුපවාහිනී කතා මාලාවකට නොකරන ලොකු වියදමක් දරල තමයි මේක
නිෂ්පාදනය කරලා තියෙන්නේ. මෙහි අධ්‍යක්ෂණය සහ නිර්මාණය කරලා තියෙන්නේ ස්ටීවන්
ස්පිල්බර්ග් ඇතුළු කණඩායමක් විසින්.
කතාව ගැන කිව්වොත් වර්ෂ 2149 අවුරුද්දේ
පෘතුවියේ සිදුවන කතාවක් තමයි මෙහි තියෙන්නේ. මේ වෙනකොට පෘතුවිය විනාශ මුඛයට යමින්
තමයි තියෙන්නේ. පෘතුවියෙන් බොහෝ සතුන් වදවී ගිහින්. විද්‍යාඥයින්ට සිදුවෙලා තියෙන
දේ නැවතත් හදන්නත් බැරි තත්වයක් තමයි තියෙන්නේ. නමුත් ඔවුන් හොයා ගන්නවා නැවතත් ප්‍රාග්
ඓතිහාසික යුගයට කාලය හරහා යා හැකි ක්‍රමයක්. මේ ආකාරයක කාලය හරහා ගිහිල්ලා මනුෂ්‍යවර්ගයා බේරා ගැනීම තමයි ඔවුන්ගේ අදහස. මෙහෙම
අතීතයට යන දහවන කණඩායමට අයත් එක පවුලක් තමයි ෂැනන් පවුල. ප්‍රධාන වශයෙන් මේ පවුල
වටා තමයි මේ කතාව ගෙතෙන්නෙ. ඩයිනොසරයන් රජ කරන මේ කාලයේ අපේ කාලයේ මිනිසුන් ඔවුන්
සමග ජිවත් වෙන්නේ කොහොමද කියල බලන්නකෝ.
ආරම්භය : සැප්තැම්බර් 26, 2011
වර්ගීකරණය : TV-14
ප්‍රභේදය: අභිරහස්, විද්‍යා ප්‍රබන්ධ, TV


10:26 PM
NASA

Posted in:
9 comments:
ඔයාලට මේකේ පළවෙනි කොටස පමණක් download කර ගන්න අවශ්‍ය නම් පළවෙනි කොටස පමණක් තොරා අනෙක් ඒවා skip කරන්න පුළුවන්. එක ඔයාලගේ torrent client මෘදුකාංගයෙන් තමයි කරන්න ඕන.
meke sub eka ganna berida
yaluwata one sinahala sub da?sinahala subnam api gawa na.
niyamay niyamayi keep it up
මේකෙ සමහර කොටස් අඩුද? .... එපිසෝඩ් එකක සම්පූර්නයෙන්ම නෑ වගේ....
නෑ මචන් ඔක්කොම කොටස් තියනවා. 1 හා 2 කොටස් දෙක එකක් විදියටත් 12 හා 13 එකක් විදියටත් තමා තියෙන්නේ.
ඔව් බන සබ් එකත් එක්ක ෆිල්ම් තිබ්බානම් තවත් මාරු..... :D
බැලුවා....... නියමයි........ සුපිරි අහ්............ තව ටීවී සීරීස් දෙන්න....... ඉක්මන්ටම
නියමයි....මේකට සිංහල සබ් දෙන්න පුලුවන්නම් ගොඩක් හොදයි..........
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....