මේ චිත්‍රපටිය නව කතාවක්
ඇසුරින් නිර්මාණය වුනු චිත්‍රපටියක්. එම නව කතාවේ
නමින්ම තමා චිත්‍රපටියත් නම් කරලා තියෙන්නේ. මේ කතාව 1960 දශකයේ ඇමෙරිකාවේ තිබුණු සමාජ තත්වය අලලා ලියවුනු කතාවක්. කළු සුදු ප්‍රශ්න
වලට එරෙහිව සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාර ගොඩ නැගෙන්නේත් මේ කාලයේ. ස්කිටර්
කියන්නේ ජනමාද්යවෙදිනියක් වෙන්න හිතන ඉන්න තරුණියක්. අයිබිලින් කියන්නේ කළු ජාතික
සාත්තු සේවිකාවක්. ඇයගේ හොදම යහළුවා වෙන්නේ මිනි නමැති තවත් කළු ජාතික කාන්තාවක්.
මේ තුන් දෙනා වටා තමා මේ කතාව ගෙතෙන්නෙ. මේ කාලය කළු ජාතිකයන් ඇමෙරිකාව තුල කොන්
වෙලා තමයි හිටියේ. ඔවුන්ට ලැබුනේ ඉතාමත් අඩු සැලකිලි. ස්කිටර් සහ කලින් කියපු කළු
ජාතික කතාවන් දෙදෙනා අතර ඇතිවන මිත්‍රත්වය හේතු කොට ගෙන ස්කිටර් තීරණය කරනවා කළු
ජාතික සත්තු සේවිකාවන් මුහුණ දෙන ප්‍රශ්න සම්බන්දයෙන් පොතක් ලියන්න. නමුත් ඒ කලේ
හැටියට මේ වගේ දෙයකට යොමු වෙනව කියන්නේ අවදානම් සහගත ක්‍රියාවක්.
නිකුත් වූ දිනය : අගෝස්තු 10, 2011
වර්ගීකරණය : PG-13
සිනෙමා ප්‍රබේදය: නාට්‍යමය
Screen caps


6:23 AM
slaudiolk




Posted in:
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....