මේ කියන්න යන චිත්‍රපටිය නම් ඒ තරම්ම ජනප්‍රිය වෙච්ච එකක් නෙමේ. හේතුව මේක limited release එකක් විදියට නිකුත් වෙච්ච චිත්‍රපටියක්. මේක ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්න ඕන කියල හිතුනේ මේකේ ප්‍රධාන චරිත දෙක රගපාන දෙන්න හින්ද? මේකේ ප්‍රධාන චරිත දෙකට පණ පොවන්නේ හොලිවුඩ් වල ඉන්න ඉතාමත් ජනප්‍රිය සහ සම්මානයට පාත්‍රවුනු රංගන ශිල්පින් දෙපලක් වන නිකලස් කේජ් (Nicolas Cage) සහ නිකොල් කිඩ්මෑන් (Nicole Kidman).
මේ කතාවට පාදක වෙන මිලර් පවුල කියන්නේ ඉතාමත් ධනවත් පවුලක්. කයිල් මිලර් කියන්නේ දක්ෂ ව්‍යාපාරිකයෙක්. මේ කියන කාලයේ මවුන්ගේ මන්දිරයේ අලුත් වැඩියා කිරිම් සිදුවුනා. ඒ දේවල් පිලිබදව සොයා බැලිම් කරලා ඒවා ඉදිරියට කරගෙන යන්න භාරදීලා තිබුනේ කයිල්ගේ ආදරණිය බිරිද වෙච්ච සේරා ට. මේ යුවලට ඇවර්රි නමින් ලොකු දුවෙකුත් හිටියා. සේරා ගේ කාර්යභාරය වෙලා තිබුනේ ගෙදර වැඩ කටයුතු සොයා බැලීමත් දුව පිලිබදව සොයා බැලිමත්. නමුත් මේ පවුල තුල ඒ තරම් එකුතු කමක් නම තිබුනේ නෑ. අපරාධ කරුවන් පිරිසක් මේ නිවස මංකොල්ල කන්න සැලසුමක් ක්‍රියාත්මක කරන්නේ මේ අතරතුරදී. මංකොල්ල කරුවන් ගේ ග්‍රහණයට නතු වන මිලර් පවුලට සිදුවන්නේ මොකද්ද කියල දැනගන්න චිත්‍රපටිය බලන්න වෙනවා.
නිකුත් වූ දිනය : ඔක්තෝම්බර් 14, 2011
වර්ගීකරණය : R


8:57 AM
slaudiolk

Posted in:
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....