කතාව :
ඔන්න මේ පාර ඔයාලට කියන්න යන්නේ මරු කතාවක් ගැන. මේක ගිවිසුමක් ගැන කියවෙන කතාවක්. ගිවිසුම ගහන්නේ නම් කොල්ලෙකුයි කෙල්ලෙකුයි. හබැයි ප්‍රේම සම්බන්ධයක් වගේ ගිවිසුමක් නම් නෙමෙයි. ඊට ටිකක් එහාට ගිහිපු එකක්.
කොල්ලගේ නම ඩිලන්, කෙල්ලගේ නම ජේමී. මේ දෙන්නම තම තමන්ගේ කලින් ප්‍රේම සම්බන්ධයන් වල බිඳ වැටීම් නිසා ඒ පිළිබද විශ්වාස නැතිවෙච්ච දෙන්නෙක්. මේ අතරේදී ඩිලන් ජේමී ඉන්න නගරයට එන්නේ අලුත් රැකියාවකට. ජේමී තමයි ඔහුට රැකියාවක් හොයල දෙන්න ඉදිරිපත් වෙන්නේ. ඒක තමා ජේමී ගේ රැකියාව. ඉතින් මේ දෙන්නම ප්‍රේමය ගැන කළකිරීමකින් ඉන්න නිසා එක දවසක දෙන්නගේම එකඟත්වය ඇතිව ගිවිසුමක් ගහනවා. ඒ තමා සබැඳියාවන්ගෙන් හෝ යෝජනාවන්ගෙන් තොරවූ ලිංගික සම්බන්ධකමක් පවත්වාගෙන යන්න.
ඉතින් මේ දෙන්නගේ මේ ප්‍රේමයෙන් තොර, හැඟීම්වලින් තොර කායික සබඳකම කොයි තරම් දුරට සාර්ථක වේවිද? මේ ගිවිසුම රැකගන්න, කොන්දේසි පිළිපදින්න දෙන්නම එකඟ වුණත් ඒ ගොල්ලන්ගේ හිත් එකට ඉඩ දේවිද? ඒකට කතාව බලන්නම් වෙනවා.
නිකුත් වූ දිනය : ජූලි 22, 2011
වර්ගීකරණය : R


9:52 PM
slaudiolk

Posted in:
1 comments:
පට්ට මචන්
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....