Saturday, October 20, 2012

රෙසිඩන්ට් ඊවීල්: ඩැම්නේෂන් (Resident Evil: Damnation - 2012)

කතාව: 

මේක ගොඩක් අය අතර ජනප්‍රිය ඇලිස් ගේ රෙසිඩන්ට් ඊවීල් චිත්‍රපට මාලවේ අළුත් ඒක නම් නෙවේ. මෙය රෙසිඩන්ට් ඊවීල් ජපන් සජීවිකරණ චිත්‍රපට මාලවේ අළුත් එක. ඇත්තටම මේ චිත්‍රපට අතර ලොකු වෙනසක් නෑ. ඒ හින්ද ත්‍රාසජනක චිත්‍රපට වලට කැමති කට්ටිය මේක බලන්න කැමති වේවි. ජපන් සජීවිකරණ චිත්‍රපටයක් නිසා ගොඩක් උසස් මට්ටමේ සජීවිකරණ චිත්‍රපටියක් ලෙස හදුන්වන්න පුළුවන්. ඇමෙරිකානු විශේෂ නියෝජිතයෙක් වන ලියොන් එස්.කෙනඩි යුරෝපයට යන්නේ එහි සිවිල් යුද්ධයක් නිරීක්ෂණය කරන්න. ඒ ජීව විද්‍යාත්මක අවි යුද්ධයේදී යොදා ගන්නා බවට ලැබුණු තොරතුරු නිසා. නමුත් එහි යන ඔහුට නැවත ඇමෙරිකාව බලා පැමිණෙන ලෙස රජය නියෝග කරනවා. නමුත් ඔහුට උවමනා වෙනවා මෙහි සත්‍ය සොයා බලන්න. ඉතින් නියෝග වලට පිටුපා යන ඔහුට යද්ධය මධ්‍යයේ මුහුණ දෙන්න වෙන්නේ ඉතා බිහිසුණු සිදුවීම් වලට. මෙය සජීවිකරණ චිත්‍රපටියක් වුනාට කුඩා ළමයින්ට නම් ඒ තරම් සුදුසු නෑ.

  
නිකුත් වීමට නියමිත දිනය : ඔක්තෝම්බර් 27, 2012

මුළු අදායම : _

වර්ගීකරණය : R

සිනමා ප්‍රභේදය: ත්‍රාසජනක, ක්‍රියාදාම, සජීවීකරණ





Screen caps





0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...