Tuesday, October 9, 2012

ස්ටොලන් (Stolen - 2012)

කතාව:

විල් මොන්ටිගොමරි අවුරුදු 8 ක සිරදඩුවමක් විදලා මේ වෙනකොට නිදහස් වෙලා එලියට ඇවිල්ලා. ඔහු ප්‍රධාන පෙලේ සොරකම් මෙහෙයවපු සොරෙක් විදියට තමයි අපට දැනගන්න ලැබෙන්නේ. නමුත් දැන් ඔහුට ඕන සියලු අපරාධ වලින් මිදිලා ඔහුගේ දියණිය සමග පළුදු වෙලා තිබුණු සම්බන්ධය නැවත හදා ගෙන දියණියට හොද පියෙක් වෙන්න. නමුත් ඔහුගේ පරණ සගයන් සහ පොලිසිය හිතන්නේ ඔහු හිරේට යන්න හේතු වුණ ඩොලර් මිලියන 10 යේ කොල්ලයේ මුදල් ඔහු තවමත් සගවලා ඔහු සන්තකයේ ඇති බවට. ඉතින් එකල ඔහු සමග වැඩ කල වින්සන්ට් නම් පුද්ගලයා විල් ගේ දියණිය පැහැරගෙන ඔහුගෙන් අර ඩොලර් මිලියන 10 ය කප්පමක් වශයෙන් දිනයක් ඇතුලත ලබා දෙන ලෙස ඉල්ලනවා. විල් තමන්ගේ දියණියගේ ජීවිතය බේරා ගන්න කුමක් කරයිද? මෙහි විල් ගේ චරිතයට පන පොවන්නේ ඔස්කාර් සම්මානලාභී නළුවකු වන නිකලස් කේජ් විසින්.

නිකුත් වූ දිනය : පෙබරවාරි 17, 2012

මුළු අදායම : ඩොලර් මිලියන 0.4

වර්ගීකරණය : R

සිනමා ප්‍රභේදය: ක්‍රියාදාම, ආශ්වාදජනක




Screen caps




0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...