Friday, September 28, 2012

අයිස් එජ් 4 - කොන්ටිනෙන්ටල් ‍‍ඩ්රීෆ්ට් (Ice Age 4 Continental Drift -2012) [සිංහල උපසිරසි සහිතව]

කතාව:

පහු ගිය දවස් ටිකේ කාර්ය බහුලත්වය නිසා වැඩ පොඩ්ඩක් අතපසු උනා. සමාවෙන්න ඕන ඒ ගැන. මේක නිකුත් වෙලා  නම් දැන් දවස් දෙකක් විතර වෙනවා. අයිස් ඒජ් කතාමාලාවේ සිව්වන කොටස අයිස් එජ් 4 - කොන්ටිනෙන්ටල් ‍‍ඩ්‍රීෆ්ට්  ගැන තමයි මේ කියන්න යන්නේ.මේ කාලය ඒ කියන්නේ අයිස් යුගය වෙනකොට ලෝකයේ මහද්වීප බෙදිලා තිබුනේ නෑ.ඒත් එක පාරටම  ලෝකයේ මහද්වීප බෙදීම ආරම්භවෙනවා .මේ නිසා ඇතිවෙන  ඇතිවෙන  භුමිකම්පා නිසා අයිස් කුට්ටි බෙදී වෙන්න වෙනවා.ඉතින් මේ නිසා  මැනී සීඩ් හා දියාගෝ  ඉන්න අයිස් කුට්ටිය මැනීගේ  බිරිඳ හා දුව සිටින කෝටසින් වෙන්වෙලා මුහුදේ පාවෙලා යනවා .මේ යන  අතරේදී මේ කට්ටියව මුහුදු කොල්ල කාරයන් පිරිසකගේ‌  අත්අඩන්ගුවට පත්වෙනවා.මේ පිරිසේ නායකයා මැනීව එයාලගේ කන්ඩායමට බඳවාගැනීමට උත්සහ කරනවා .නමුත් මැනී සහ කණ්ඩායම මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයෙන් මිදී තම පවුලේ උදවිය සොයා යන වීර චාරිකාව බලන්න ඔයාලත් ලෑස්තිද 

සිංහල උපසිරසි සහිතව චිත්‍රපටිය නැරබීම සදහා මුලින්ම ඔබ පරිගණකයේ සිංහල යුනිකේත පිහිටුවා තිබිය යුතුයි. සිංහල යුහිකේත නොමැති නම් මෙතැනින් ඔයාට එය ස්ථාපනය කරගන්න පුළුවන්. දෙවනුව මේ සදහා KMplayer හෝ jetaudio ස්ථාපන කරගන්න ඕන. අනික් player වල චිත්‍රපටය පෙනුනාට සිංහල උපසිරැසි වලට හරි යන්නේ නැහැ. ඉන්පසුව චිත්‍රපටිය සහිත folder එකට බාගත කරගත් සිංහල උපසිරැසි ෆයිල් එක (බොහෝ විට .srt එකක්)  copy කර ගන්න ඕන. දැන් ඔයා චිත්‍රපටිය play කරනකොට සිංහල උපසිරැසි දිස් වියයුතුයි. තවමත් සිංහල උපසිරැසි පෙන්නේ නැතිනම් උපසිරැසි ෆයිල් එක play වෙන චිත්‍රපටිය උඩට drag and drop කරන්න.

නිකුත් වූ දිනය : ජූලි 13, 2012 

මුළු අදායම : ඩොලර් මිලියන 839 

වර්ගීකරණය : PG

සිනමා ප්‍රභේදය: ළමා / පවුලේ සැමට, සජීවීකරණ, හාස්‍යජනක











0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...