Friday, June 15, 2012

අ තවුසන්ඩ් වර්ඩ්ස් (A Thousand Words - 2012)

කතාව :

එඩි මර්ෆි රගපාන අළුත්ම ප්‍රහසන චිත්‍රපටිය තමයි මේක. ඔහුගේ කලින් චිත්‍රපටි තරම් මේක ජනප්‍රිය නොවුනත් ඔහුට ආදරය කරන ගොඩක් කට්ටිය මේකට කැමති වෙයි. ජැක් මැකෝල් කියන්නේ පොත් කර්තෘන් වෙනුවෙන් පෙනී සිටින නියෝජිතයෙක්. පොත් ප්‍රකාශන ආයතන සමග කතා කරලා ඒ සදහා උදව් දෙනවා ආකාරයේ දෙයක් තමයි මෙයාගේ රැකියාව. මොහු වචනයෙන් සැහෙන්න මිනිසුන් රැවටීමටත් ලක් කරන කෙනෙක්. අධ්‍යාත්මික ගුරුවරයෙක් සමග ඇතිවන් ගණුදෙනුවකදී මෙයාගේ බොරුවක් හින්ද මොහුට මුහුණ දෙන්න වෙන්නේ අමුතු සිදුවීමකට. ඒ ඔහුගේ වත්තේ හට ගන්න ගහක් නිසා. මේ ගස හා ඔහු අතර තියෙන්නේ අමුතුම සම්බන්ධයක්. ඔහු කියන හා ලියන හැම වචනයක් පාසාම ගහේ කොළ වැටෙනවා. ගහේ කොළ අවසන් වූ පසු ගස මැරෙනවා. හග මැරෙනවා කියන්නේ ඔහුගේත් මරණය. ඉතින් මෙයා මුහුණ දෙන තත්වේ හිතා ගන්න පුළුවන්නේ.


නිකුත් වූ දිනය : මාර්තු 9, 2012

මුළු අදායම : ඩොලර් මිලියන 20

වර්ගීකරණය : PG-13

සිනමා ප්‍රභේදය: හාස්‍යජනක, නාට්‍යමය
 



Screen caps



1 comments:

Unknown said...

ela ela

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...