කොල්කටා වල මෙට්‍රො දුම්රිය ස්ථානයේ සිදුවන විෂ වායු ප්‍රහාරයකින්
තමයි මේ කතාව පටන් ගන්නේ, මේ සිදුවීමෙන් අවුරුදු දෙකකට පමණ පසු ලන්ඩන් වල මෘදුකාංග
ඉංජිනේරුවකු විදියට රැකියාව කරන විද්‍යා බාචි (විද්‍යා බාලන්) නම් ගැබිණි කාන්තාව කොල්කටා
වලට පැමිණෙනවා. ඒ තමන්ගේ සැමියා වන අර්නාබ් ගේ අතුරුදහන් වීම ගැන සොයා බලන්න. ඇය
කෙලින්ම ප්‍රාදේශීය පොලිස් ස්ථානයට ගොස් අතුරුදහන් වීම ගැන පැමිණිල්ලක් කරනවා.
අර්නාබ් ඉන්දියාවට පැමිණෙන්නේ විශේෂ පරීක්ෂණයක් සදහා ඒ ජාතික දත්ත මද්‍යස්ථානයට බව
තමයි ඔහු ඇයට පවසන්නේ. ඔහුගේ පිටත් විමෙන් පසු මුල් සති දෙකේ ඇය හා දුරකථනයෙන් කතා
කරනවා. නමුත් ඉන්පසු ඔහුගේ උත්තරයක් නැති තන තමයි ඇය නැවත ඉන්දියාව බලා එන්නේ. ඇය
ඔහු වැඩ කරන ආයතනය ගොස් ඔහු ගැන අසන විට ඔහු නමින් සේවකයෙක් එහි නැති බව තමයි ඇයට
දැන ගන්න ලැබෙන්නේ.ඇය කතා කරන හමුවෙන හැම කෙනාම ඔහු නොහදුනන බව පවසනවා. ඉතින් තමාගේ
ස්වාමිපුරුෂයා ඇත්තටම කවුද ඔහුට මොකද උනේ කියන එක සොයා ගෙන යන කාන්තාවකගේ කතා තමයි
මේක. ටිකක් ත්‍රාසජනක පැත්තට බර මේ චිත්‍රපටිය ඉන්දියාවේ මේ වර්ෂයේ තිරගත වුනු
චිත්‍රපට අතරින් ඉතා සාර්ථකව තිරගතවුණු චිත්‍රපටියක්. එහෙනම් ඉතින් කැමති කට්ටිය
බලන්නකෝ.
නිකුත් වූ දිනය : මාර්තු 8, 2012
මුළු අදායම : ඩොලර් මිලියන 20
මුළු අදායම : ඩොලර් මිලියන 20
වර්ගීකරණය : _
සිනමා ප්‍රභේදය: ආශ්වාදජනක, නාට්‍යමය, හින්දි
Screen caps


2:17 AM
NASA




Posted in:
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....