Wednesday, March 21, 2012

එක් දීවානා තා (Ekk Deewana Tha – 2012)

කතාව: 

ඔන්න යාළුවනේ සැහෙන කාලෙකට පස්සේ හින්දි චිත්‍රපටියක් ගැන තමයි මේ කියන්න යන්නේ. මේ අවුරුද්දේ ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් තමයි මේ චිත්‍රපටිය නිකුත් වුණේ. මේකේ කතාව ගැන කියනව නම් සාමාන්‍ය හින්දි චිත්‍රපටියක කතාවෙන් නම් එතරම් වෙනස් වෙන්නේ නෑ. සචින් කියන්නේ මුම්බායි වල වෙසෙන සාමාන්‍ය හින්දු පවුලකින් පැවත එන ඉංජිනේරු උපාධිධාරියෙක්. නමුත් මෙයාගේ ආසාව තියෙන්නේ නම් චිත්‍රපටි ක්‍ෂේත්‍රයට. ඉතින් මෙයා තමන්ගේ යාළුවෙක් මාර්ගයෙන් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් ගේ සහායකයකු වශයෙන් රැකියාවට සම්බන්ද වෙනවා. මේ අතරතුරදී තමයි සචින් ට ජේසිව හම්බ වෙන්නේ. ඇය සම්ප්‍රදායික මලයාලි ක්‍රිස්තියානි පවුලකින් පැවතෙන ගොඩක් නීතිරීති වලට යටත් වෙලා ඉන්න තරුණියක්. ඉතින් මේ දෙන්න අතර ඇතිවන සම්බන්ධයට ජ්ව්සිගේ මව්පියන් තදින් විරුද්ධ වෙනවා. ඔය ඉතින් පටන් ගැන්ම විතරයි එයින් පස්සේ කතාව ඉතින් ඔයාලම බලන්නකෝ.   

නිකුත් වූ දිනය : පෙබරවාරි 17, 2012

මුළු අදායම : ඩොලර් මිලියන 2

වර්ගීකරණය :PG

සිනමා ප්‍රභේදය: ආදර කතා, හින්දි




Screen caps



700 MB DVDRip කොපිය මෙතනින් බාගන්න! (Download)


IMDB CRITICS SOURCE

2 comments:

වර්ණා said...

මේ වගේම ටැමිල් එකක් තියෙනවා :)

Anonymous said...

meke tamil ekai, thelingu ekai film2ma mama balala thiyanava

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...