Sunday, February 26, 2012

ඩෙසි බෝයිස්‌ (Desi Boyz -2011)

කතාව: 

ඔන්න ටික දවසකින් මේ කියන්න යන්නේ තවත් හින්දි චිත්‍රපටියක් ගැන. 2009 අවුරුද්දේදී ලෝකය බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නනේ. මේ කතාව සිදු වෙන්නේ ඒ කාලේ. ජෙරී සහ නික් කියන්නේ ලන්ඩන් වල ජිවත් වන සැප පහසු හොද ජිවිත ගත කරන යාළුවො දෙන්නෙක්. නමුත් ලෝකයේ ඇතිවන මේ අර්බුදයත් එක්ක මේ දෙන්නට තමන්ගේ රැකියාවල් නැතිවෙනවා. මේ වෙනකොට නික් තමන්ගේ පෙම්වතිය වන රාධික සමග විවාහ වෙන්නත් හිතාගෙන තමයි ඉන්නේ. ජෙරී ගේ භාරයේ ඉන්නවා විර් නමින් පාසල් යන වයසේ ඥාති දරුවෙක්. දෙමාපියන් අහිමි ඔහුව බලා ගන්නේ ජෙරී විසින්. නමුත් මේ සිදුවීම් නිසා ජෙරිට‍ විර් ගේ භාරකරිත්වයත් නික් ට රාධික වත විවිධ හේතු නිසා අහිමි වෙනවා. ඉතින් මේ දෙන්නට නැවතත් තමන් ආදරේ කරන අයව ලබා ගන්න පුළුවන් වෙයිද? ආක්ෂේ කුමාර්, ජෝන් ඒබ්‍රහිම්, දීපිකා පඩුකොන් ඇතුළු ජනප්‍රිය නළු නිළියන්ගේ පිරිසක් මෙහි රගපෑමෙන් දායකත්වය ලබා දෙනවා. 

නිකුත් වූ දිනය : නොවැම්බර් 25, 2011

මුළු අදායම : ඩොලර් මිලියන 17

වර්ගීකරණය : _

සිනමා ප්‍රභේදය: ක්‍රියාදාම, හාස්‍යජනක, නාට්‍යමය, හින්දි




Screen caps

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...