Friday, November 25, 2011

කව් බෝයිස් ඇන්ඩ් ඒලියන්ස් (Cowboys & Aliens (2011))

කතාව:
සුපිරි වීරයන්ගේ චිත්‍රපටි බලන්න කැමති අයට මෙන්න හොද ෆිල්ම් එකක්. ස්පයිඩර් මෑන්, සුපර් මෑන් වගේ සුපරි වීරයෝ වගේ නොවුනට මේකත් ඒ වගේම කතාවක්. මේ කතාව සිද්ධ වෙන්නේ නම් සැහෙන්න කාලෙකට කලින්. හරියටම කිව්වොත් 1873 දී. ඉතින් මේ කතාවේ එන්න සුපිරි වීරයා කතාවට පිවිසෙන්නේ නම් හරි අමුතු විදියකට. ඒ කියන්නේ මුකුත්ම දන්නේ නැති මතක නැති හරියට අහසින් වැටිච්ච කෙනෙක් වගේ. ඉතින් මෙය ඇහැරිලා බලනකොට කොහොම හරි මේයා එන්නේ කාන්තාරයක් මැද.
කොහොමෙන් කොහොම හරි මෙයා ඒ ලග තියෙන ගමක හොයා ගෙන යනවා. කියන්න අමතක උනානේ මෙයාගේ අතේ අමුතු ගැජට් එකකුත් තියෙනව. හබි එය දන්නෙත් නෑ ඒකෙන මොකද්ද කරන්නේ කියලා. ඉතින් මේයා ලග තිබුන ගමට ගියත් ඒ ගමේ මිනිස්සු මෙයාව සාදරයෙන් පිළිගන්නේ නම් නෑ.  නමුත් මේ හැමදේම වෙනස් වෙන්නේ මේ ගමට එල්ලවෙන පිටසක්වල ප්‍රහාරයක් නිසා. මේ පිටසක්වලින් ආපු අහස යානා ගම විනාශ කරද්දී, මිනිස්සු පහර ගනිදිදී අර කලින් කියපු වීරයා තමා මේ අයට උදව කරන්නේ.
එකට එයාගේ අතේ තියෙන උපකරණය සැහෙන උදව්වකුත් වෙනවා. ඒ වෙනකොට මෙයට ටිකෙන් ටික මතක වෙනවා එයාගේ අතීතය ගැනත්. කොහොමහරි මේ කතාවේ තියෙන්නේ පිටසක්වල ජීවින්ගෙන් ගම බේරගන්න කරන සටනක් ගැන.

නිකුත්  වූ දිනය : ජූලි  29, 2011 

මුළු අදායම : ඩොලර් මිලියන 174

වර්ගීකරණය :  PG-13



2 comments:

අෂේන් said...

මේක නම් එලම ෆිල්ම් එකක් , හැමෝම බලන්න. මේකේ අමුතු ගතියක් තියෙනවා නැවත් නැවත බලන්න හිතෙන.

Anonymous said...

එකනම් ඇත්ත තමා යාළුවා මේක ගොඩක් හොද ෆිල්ම් එකක්...

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...