ඔන්න යාළුවනේ මේ කියන්න යන්නේ තවත් හින්දි චිත්‍රපටියක්
ගැන. කරීනා කපුර් සහ ඉම්රාන් ඛාන් තමයි මේකේ ප්‍රධාන චරිත නිරුපණය කරන්නේ. කතාව
ගැන පොඩ්ඩක් මතක් කලොත් රාහුල් කපුර් කියන්නේ ඔහුගේ මව්පියන් වගේම ගෘහ නිර්මාණ
ශිල්පය වෘත්තීය කරගත්තු වේහාස් වල වෙසෙන තරුණයෙක්. නමුත් ඔහුට තමන්ගේ රැකියාව
හදිසියේම අහිමි වෙනවා. මේ නිසා තමන්ගේ දෙමාපියන් අසතුටු වන බව ඔහු දන්නා නිසා ඔහු
නව රැකියාවක් සොයා යනවා. මේ අතරතුරදී තමයි ඔහුට රියානා කියන තරුණිය ඔහුට
හමුවෙන්නේ. අවසානයේ සිද්ධි දාමයකින් පසු නත්තල දවසේ තිබුන උත්සවයකදී මත්පැන් පානය
කරමින් මේ දෙන්න හොදට විනෝද වෙනවා. කොහොම හරි පසු දින උදා වෙද්දී තමයි දෙන්නට
පියවි සිහිය එන්නේ. එතකොට තමයි දැන ගන්නේ ඉකුත් තවසේ රාත්රියේදී ඔවුන් දෙදෙනා
විවාහ වී ඇති බව දැන ගන්නේ. ඉතින් ඊට පස්සේ මේ දෙන්න මේ වුන වැරැද්ද නිවැරදි
කරගන්න වෙහෙසෙන අතරතුරදී දෙදෙනාටම නොදැනී දෙන්න හොද යාලුවෝ දෙන්නෙක් වෙනවා. මේ
ඉතින් කතාවේ මුල විතරයි ඉතිරි ටික දැන ගන්න කැමති නම් ඉතින් කතාව බලන්නම වෙනවා.
නිකුත් වූ දිනය : පෙබරවාරි 9, 2012
මුළු අදායම : ඩොලර් මිලියන 8
මුළු අදායම : ඩොලර් මිලියන 8
වර්ගීකරණය :_
සිනමා ප්‍රභේදය: ආදර කතා, හාස්‍යජනක, හින්දි
Screen caps


8:31 PM
NASA




Posted in:
1 comments:
අයි ♥ ඩිස් ෆිල්ම්
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....